ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ රැදී සිටි ශ්රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් අද දින දහවල් 12.45 ට ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
පිරිමි සහ ගැහැණු ගුවන් මගීන් වූ ඔවුන් දෙදෙනා , කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබුණි .